16.08.2011 18:53
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල සිට ඉඳුරුව අතර කොටස් නවීකරණය කිරීම සඳහා සැප්තැම්බර් මස 1 වැනිදා සිට මාස 6ක් පුරා ගාල්ල – ඉඳුරුව අතර දුම්රිය ධාවනය අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මෙම කාලයේ අලුත්ගම සිට කොළඹ කොටුව හා මරදාන දක්වාත් ගාල්ල සිට මාතර දක්වාත් පමණක් දුම්රිය ධාවනය කෙරේ.
දුම්රිය ධාවනය නොවන කාලසීමාවේ මගීන්ගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංගම බස් රථ යෙදවීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගනු ලැබේ.
ගාල්ල සිට ඉඳුරුව දක්වා දුර කිලෝ මීටර් 54.2 කි. මෙහි ප්‍රථම අදියර ලෙස මාතර සිට ගාල්ල දක්වා මාර්ගය ඉදිකෙරුණු අතර, එම කොටස කිලෝ මීටර් 43 කි.
ඉන්දියාවේ ඉර්කොන් සමාගම ඉදිකිරීම් සිදුකරනු ලැබේ
බතික් කලාව පුහුණු පාඨමාලා ජාතික ශිල්ප සභාවෙන්
2011 අගෝස්තු 16 වෙනි අඟහරුවාදා, 15:1
ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන මහතාගේ උපදෙස් මත චිත්‍ර සහ බතික් නිර්මාණ ශිල්පී කොල්වින් සෙට්ටිනායක මහතා පාඨමාලාව මෙහෙයවයි.
මේජර් ජෙනරාල් උදය පෙරේරාට ජාත්‍යන්තර තනතුරක්
ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතාට එක්සත් ජනපද යුද විද්‍යාලයේ ජාත්‍යන්තර ශිෂ්‍ය සංගමයේ සභාපතිධූරය හිමි ව ඇත.
මෙරට ඉතිහාසයේ යුද හමුදා නිලධාරියෙක් මෙවැනි නිලයකට පත් වූ පළමු අවස්ථාව මෙය වන අතර, උදය පෙරේරා මහතා මෙම තනතුරට තේරී පත් ව ඇත්තේ ලොව පුරා රටවල් 67ක යුද හමුදාවලට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් අතරිනි.
ආරක්ෂක අමාත්‍යංශය
ජනපතිතුමන් දළදා සමිඳුන් වැඳපුදා ගනී
2011 අගෝස්තු 15 වෙනි සදුදා, 20:00
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (15) මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
පූජ්‍ය තිබ්බටුවාවේ මේධංකර හිමියෝ, ජනාධිපතිතුමන්ගේ සුරතේ පිරිත් නූල් බැඳ සෙත් පැතූහ.
අනතුරු ව දළදා මාලිගාවේ කතරගම දේවාලය වන්දනාමාන කිරීමට ගිය ජනාධිපතිතුමන් එහිදී දේව පූජාවකට ද සහභාගි විය. එහිදී සෝමස්කන්ද අයියර් ප්‍රධාන පූජකතුමන් විසින් ජනාධිපතිතුමා වෙත සළුවක් පළඳවන ලදී.
අනතුරු ව පූජාභූමියේ වැල්බෝධිය වෙත ගොස් ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත විණි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහත්වරු ද ජනාධිපතිතුමා සමඟ එක් ව සිටියහ.
Hc





අලි සංගණනය සාර්ථකයි ඇමැති එස්. එම්. චන්ද්‍රසේන
Sunday 14 August 2011
මාලිගාවට සහ සතර දේවාලවලට ලක්ෂ 37ක්


